දේශීය

ප්‍රේමලාල් ආයෙ​ත් පරණ තැනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබෙනවා.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හෙට (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එකතුවීමට නියමිතයි.

‘චොකා මල්ලි’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන ප්‍රේමලාල් ජයසේකර මහතා පොහොට්ටුවේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දක්වන බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button