ක්‍රීඩා

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා 3ක් එල්ල වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ,ඔහුට එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා පසුගිය 6 වනදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල​දී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ​දී තර​ඟ පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකර තිබෙනවා.

ඔහුට ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පණිවුඩ මකා දමා ඇති බව සඳහන්.

25 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරග 15ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 32ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button