මුදල් නොගෙවා බියර් ඉල්ලූ කොස්තාපල් රෝහලේ

බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළඳසැල් සේවකයින්ගේ පහරකෑමට ලක්ව ඇති බව කොබෙයිග පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කරන්නේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස පහර කෑමට ලක්ව ඇති අතර පහර කෑමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ බියර් හලට පැමිණ බලහත්කාරයෙන් බියර් ඉල්ලීමේදී මෙම ආරවුල ඇති වී ඇති බව පොලීසිය වැඩි දුරටත් පැවසුවා.
පොලිස් කොස්තාපල්වරයා පැලඳ සිටී රන් මාලයක් හා අත් පළඳනාවක් පහර දුන් පිරිස පැහැර ගත් බවට ඔහු පවසා තිබුණද පොලිසිය විසින් සිදුකළ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ පැළඳ ගෙන එම ස්ථානයට නොපැමිණි බවයි.
මේ සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.