දේශීය

ජාතික ශිෂ්‍යභට බළකා මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම්

ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා මුලතිව්හි ශ්‍රී ලංකා යුද හමුදාව අයත්ව තිබු පුහුණු මධ්‍යස්ථානයක් ‍ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් නිල වශයෙන් භාරගනු ලැබුවා.

ඒ, 59වන සේනාංකයට අයත් පාබල බලඇණි පුහුණු මධ්‍යස්ථාන පහසුකම් පසුගියදා (04) අමාත්‍යවරයා වෙත භාරදීමත් සමගයි.

වසර 142ක  ඉතිහාසයක් ඇති ජාතියේ අනාගත නායකයන් බිහි කිරීමට පාසල් සිසුන් හැඩගන්වන එකම ආයතනය වන්නේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයයි.

ජාතික ශිෂ්‍යභට බලකායේ ඉදිරි සැලසුම් වලට අනුව බලඇණි, පළාත් සහ ජාතික මට්ටමේ කඳවුරු සඳහා සහභාගී වන ශිෂ්‍ය භටයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට හා  ජාතික ශිෂ්‍යභට බලකා නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින් පුහුණු කිරීම සඳහා මෙම පහසුකම් යොදා ගනු ලබනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ, විදුහල්පති සේවයේ සහ ගුරු සේවයේ නිලධාරීන් 1000ක් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත බඳවා ගැනීමට රජය දැනටමත් කටයුතු කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1988දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂයපථය යටතේ ස්වාධීන ආයතනයක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකාය පිහිටුවීමට පුරෝගාමී වූ අතර, 1990 දී රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමටද දායකත්වය ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button