ජනතාවගේ ජීවිත අන් සියල්ලට ම වඩා වටිනවා-අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

ජනතාවගේ ජීවිත අන් සියල්ලට ම වඩා වටිනා බැවින් ඇතැම් සම්ප්‍රධායික නීති රීති ලිහිල් කරමින් ඔවුනට අවශ්‍ය ඖෂධ සැපයීම උදෙසා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමන් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (12) එම අමාත්‍යාංශයේ දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබිය දී ඖෂධ හිඟයක් ඇති වුව හොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව යන අංශයන්හි ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.