දේශීය

පැට්‍රිෂියා සුසිල් හමුවෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස  සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය   සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී  හමු වුණා.

එහිදී, මෙරට අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය කිරීම, කෘත්‍රිම බුද්ධිය භාවිතය වැඩිදියුණු කිරිම, ඩිජිටල්කරණය ප්‍රචලිත කිරීම සහ අදාළ ක්ෂේත්‍රවල පවතින අවස්ථාවන් හඳුනාගැනීම පිළිබඳව දෙපාර්ශවය අතර පුළුල් සාකච්ඡාවක් තිබෙනවා.

මෙම නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ මහ ලේකම් දම්මික දසනායක මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහලේකම් මහාචාර්ය ලුයිස් ෆ්‍රැන්සිස්චි,  පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයයේ මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙබොරා ජේමිසන්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාලන හා සාම අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක සහ ප්‍රධානී (ආසියානු කලාපීය) දිනීෂා පණ්ඩිතරත්න, මාධ්‍ය සහ මහජන කටයුතු පිළිබඳ සන්නිවේදන නිලධාරී ඇමී කෝල්ස්, යන මහත්ම මහත්මීන්   සහභාගි වූණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button