විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2024 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සන්සන්දනය කර බලන විට එය 14% ක ඉහළ යාමක් බවයි සඳහන්වන්නේ.
එමෙන්ම එම මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව පිළිවෙළින් 16.88% සහ 113.92% වර්ධනයක් බව තවදුරටත් සටහන්.
නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සදහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදිම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සදහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.