දේශීය

යෝජිත නව ධීවර පනතට විරෝධය

යෝජිත 2023 නව ධීවර පනත මගින් ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට සැළසුම් සකස් කර ඇති බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ, මෙම පනත මගින් සම්පූර්ණ බලය හිමිවන්නේ, ධීවර අධ්‍යක්ෂකවරයාට බවයි.

එබැවින් 2014 වසරේදී සම්මත කරගත් සුළුපන්න ධීවරයින්ගේ ජාත්‍යන්තර මග පෙන්වීම් මාලාව මත පදනම්ව සකස් කරන ලද ජාතික ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ධීවර සංවිධාන එක්ව හඩක් නැගිය යුතු බවද හර්මන් කුමාර මහතා ඉල්ලා සිටිනවා.

හර්මන් කුමාර මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස අතර සුළුපන්න ධීවර ප්‍රජාව සියයට 75ක් බවත් ඔවුන් පවුල් ලෙස ගත්විට ලක්ෂ 08කට වැඩි බවත් ඔහු සඳහන් කළා.

යෝජිත නව ධීවර පනත ක්‍රියාත්මක වුවහොත් ධීවරයා ධීවර අධ්‍යක්ෂවරයාගේ වහල් පිරිසක් බවට පත්බවන බවත් ධීවරයා මුහුදු යන වෙලාව සහ පැමිණෙන වෙලාව තීරණය කරන්නේද ධීවර අධ්‍යක්ෂවරයා බවද හර්මන් කුමාර මහතා පවසනවා.

මෙම මස 21 වැනිදාට යෙදෙන ජගත් ධීවර දිනයේදී දේශපාලන බේදයකින් තොරව සියලු ධීවර ප්‍රජාව මේ වෙනුවෙන් හඩක් නැගිය යුතු බව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button