ඉන්දියාවේ රාම් මන්දීරය විවෘත කිරීම අද

ඉන්දියාවේ අයෝධ්‍යා පුද බිමේ අද (22) රාම් මන්දීර් දෙවොල විවෘත වීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රය ඇතුළු ස්ථාන රැසක විවිධ උත්සව සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතයි.
විවෘත කිරීමේ උත්සවය අද පස්වරු 12.20ට ආරම්භ වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ටයිම්ස් චතුරස්රයේ රාම් මන්දීර් දෙවොලේ ආකෘතියක් ප්‍රදර්ශනය කර ඇති බවයි.
රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් ඇරයුම් කර ඇති බව සඳහන්.
ටයිම්ස් චතුරස්රයට අමතරව වොෂින්ටන් ඩීසී, ලොස් ඇන්ජලිස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, බොස්ටන් ඇතුළු තවත් නගර රැසක රාම් මන්දීර් දෙවොල විවෘත කිරීමට සමගාමීව උත්සව සංවිධාන කර ඇති බවයි වාර්තාවන්නේ.
එම උත්සව මාලාව එකම වේලාවක පැවැත්වෙන බවත්, රාම් කෝවිලේ උත්සවය ඉන්දියාව සහ අමෙරිකානු ප්‍රජාව අතර සංස්කෘතික හා ආගමික සම්බන්ධතාව සමීප කරවීමට සමත්වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය සම්භවයක් සහිත මිලියන 5ක ජනගහනයක් අමෙරිකාවේ පදිංචිවී සිටින අතර, අද රාම් මන්දීර් දෙවොල විවෘත කිරීම අමෙරිකාවේ ඉන්දීය ප්‍රජාවගේ විශේෂිත සැමරුම් දිනයක් බවටද පත් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.