දේශීය

බංකොලොත් වුණු රට ගොඩගන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි – හරීන් ප්‍රනාන්දු

සමඟි ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බැවින් ඔවුනට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට අවස්ථාව පවතින බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වූයේ හර්ෂ ද සිල්වා මහතා පමණයි. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් එජාපයෙන් ඉල්ලා අස් වූයේ නැහැ. සමගි ජනබලවේගය කියන්නේ එජාපයේ පළුවක්. ඒ නිසා ඒ හැමටම යළි එජාපය සමඟ එක් වීමට පුළුවන්. යථා කාලයේදී ඒ දේවල් සිදු වේවි.

අපේ නඩු තීන්දුව එනකම් කට්ටිය බලාන ඉන්නේ. ආපසු මහ ගෙදරට යන එක වළක්වන්න සජබයේ සමහරු බලාන හිටියත් නඩු තීන්දුවෙන් පසු එය වළක්වන්න බැරි වේවි. බංකොළොත් වුණු රට ගොඩ ගන්න ඉදිරිපත් වුණේ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමාට ඒ සඳහා සහාය දීම සියලු දෙනාගේම යුතුකමක්. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහු යළිත් ජනාධිපති ධුරයට පත් කිරීමට එක්වන ලෙස මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button