විද්‍යා පීඨවලට සිසුන් ගැනීමත් ඔන්ලයින් ක්‍රමයට

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට මින් ඉදිරියට සිසුන් ඇතුළත් කිරීමේදී මාර්ගගත ක්‍රමය පමණක් අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම ක්‍රමය යටතේ අයැදුම් කරන්නන්ට තමන් විද්‍යා පීඨ පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේද හා කුමන විද්‍යාපීඨයට ඇතුළත් විය හැකිද යන්න පිළිබඳව ක්ෂණිකව දැන ගැනීමට හැකිවන බව අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ සඳහා නව දත්ත පද්ධතියක් සකස් කෙරෙන අතර, අයැදුම් කරන්නන්ගේ සුදුසුකම් අනුව නුසුදුස්සන් ඉවත්වීමේ ස්වයංක්‍රීය ක්‍රමයක් පද්ධතියට ඇතුළත් කෙරෙන බවද සඳහන්.
එමෙන්ම ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් මෙවර එකවර බඳවා ගැනීමට නියමිතයි.
ඉහත ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය ලද වහාම අයැදුම්පත් කැඳවීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
ඊට කැබිනට් අනුමැතිය ලබාගැනීමට හේතුවී ඇත්තේ, දත්ත පද්ධතිය සකස් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමට ඇති අවශ්‍යතාවය මත බවයි සඳහන්වන්නේ.