විදෙස්
සූඩානයේ ගැටුම් වලින් තෙල් සමාගමකට දැඩි හානි

සූඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සූඩාන හමුදාව හා ප්‍රතිවාදී කණ්ඩායම් අතර දරුණු සටන් හේතුවෙන් කාර්ටූම්හි ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් තෙල් සමාගම් කුළුණ ගින්නෙන් විනාශ වී ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ සටන් ආරම්භවූ සිට කාර්ටූම් සහ අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ගොඩබිම් සටන්ද අඛණ්ඩව පැවති තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවයි.
නයිල් නදිය ආසන්නයේ පිහිටා ඇති තට්ටු 18 කින් යුත් තෙල් සමාගමකට අයත් ගොඩනැගිල්ලක් මෙසේ විනාශ වී ඇති අතර මෙම ගැටුම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..