දේශීය

සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2023 (2024) වර්ෂයන්ට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි 09 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන බවයි එම නිවේදන​යේ සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමෙන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසට විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශපත්‍ර බාගත කළ හැකි බවද නිවේදනයේ වැඩිදුරට​ත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button