දේශීය
උත්සව සමයේ විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, හදිසි නොවන නඩත්තු කටයුතු සඳහාද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බවයි.
නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්වන්නේ.
අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් පෙන්වාදී තිබෙනවා.