දේශීය

භාවිතා කරන ලද එන්නත් 18,000 තුළ කිසිදු ගැටළුවක් මතුවී නැහැ- ඇමති කෙහෙළිය

දේශීය සමාගමක් නිෂ්පාදනය කල කෝ-ඇමෙක්සික්ලොව් එන්නත් 21,000ක් ජාතික රෝහලට ලබාදී ඇති අතර, එයින් 18,000ක් භාවිත කර තිබෙනවා.

නමුත්, මෙම භාවිතා කරන ලද එන්නත් 18,000 තුළ කිසිදු ගැටළුවක් මතුවී නැති බවත්, ගැටළුවක් වී ඇත්තේ එක් එන්නතක් බවත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙම එන්නත් කාණ්ඩය පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් භාවිතයෙන් ඉවත් කර ඇති බව, අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු පසුගියදා (26) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා සදහන් කරන්නේ, එම මරණය සිදුවූයේ ආසාත්මිකතාවයක් නිසාදැයි සැක කෙරෙන බවයි.

සාමාන්‍යයෙන් ඇමොක්සික්ලොව් එන්නතක් ආසාත්මික වීමට ඇති හැකියාවේ අනුපාතය, දහදාහකට දෙකත් හතරත් අතර බවත් සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන අතර , ඖෂධ ගැටළු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button