ව්‍යාපාරික

තවදුරටත් Night Time Data කියලා එකක් නැහැ – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

තවදුරටත් Night Time ඩේටා පැකේජ ඇතුළත් ඩේටා පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබානොදෙන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ Night Time Data ලෙස විශාල ඩේටා ප්‍රමාණයක් වෙන්කර තැබීම ගැන ජනතාවගෙන් පැමිණිලි රැසක් පැමිණ තිබූ බවයි.

Night Time Data ලෙස සන්නිවේදන පහසුකම් සපයන සමාගම් ලබාදෙන්නේ තමන්ගේ පැකේජයට අදාළව නොමිලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණයක් වන නමුත් අදාළ සමාගම් එම ඩේටා ප්‍රමාණයද දහවල් කාලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණය හා එක්කර ලැබෙන සංඛ්‍යාව වෙළෙඳ ප්‍රචාරයේදී යොදාගැනීම තුළින් අදාළ ගැටළුව හටගන්නා බවයි ඕෂධ හේරත් මහතා පෙන්වා දෙන්නේ.

එම වැරදි වෙළෙඳ සන්නිවේදනය නිසාවෙන් පාරිභෝගිකයන් නොමඟ යන බවත් ඒ අනුව මෙම Night Time Data ගැටළුව ඇතිවී ඇති බවත් ඔහු පවසනවා.

මේ වන විට Night Time – Day Time ලෙස බෙදා වෙන්කර ඇති පැකේජයන්ට තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂම අවසර ලබා නොදෙන බවයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

Night Time ලෙස වෙනසක් නොමැති වඩා ලාභදායී පැකේජයන් මේ වන විටත් තමන් භාවිතා කරන දුරකථන සමාගම්වලින් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ගොස් ඒ පිළිබදව පිරික්සා නව පැකේජයකට මාරු වන ලෙසත් ඕෂධ හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button