දේශීය

Breaking: කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාදයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (08) පස්වරුවේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 73 ක් පමණයි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

සමඟි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්වරුන් විසින් පසුගිය 21 වනදා මෙම යෝජනාව කතානායකවරයාට භාර දී තිබුණා. 

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් තැබූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවට  මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා නඟා ඇති බවයි වාර්තා වුණේ .

බාල බෙහෙත් ගෙන්වීම, වෛද්‍යවරුන් රට හැරයෑම රෝගීන් මිය යාම ආදී කාරණා සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button