දේශීය
කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය අද

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) දින සිදුකිරීමට නියමිතයි.
සමගි ජනබලවේගය විසින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පසුගිය 19 වන දින විවාදයට ගැණුනු අතර එහි ඡන්ද විමසීම ඊයේ (20) සිදුකිරීමට නියමිතව තිබුණා.
නමුත් විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කිරීමත් සමග ඡන්ද විමසීම අද දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 4.30ට විවාදයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.