ඉංජිනේරුවාගේ නොසැලකිල්ල ව්‍යාපාරිකයා මරුට

සිවිල් ඉංජිනේරුවරයෙකු පැද වූ කැබ් රථයක් අද (05) පිළියන්දල , ජාලියගොඩ, කැස්බෑව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ව්‍යාපාරිකයා එම ස්ථානයේ දීම මිය ගොස් තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 56 හැවිරිදි කාලියම්මහර පදිංචිකරුවෙක්.
සිවිල් ඉංජිනේරුවරයා පැදවූ කැබ් රථය කොළඹ සිට කැස්බෑව දෙසට ධාවනය කිරීමේදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදිය සිරිමංගල වත්ත දෙසට අතුරු මාර්ගය ඔස්සේ යොමු කිරීමේදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.
මිය ගිය ව්‍යාපාරිකයාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණු බව පොලීසිය පවසනවා.
ඉංජිනේරුවරයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළා.
සැකකාර සිවිල් ඉංජිනේරුවරයා කැස්බෑවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.