මුෂ්ෆිකර් රහීම් ‘පන්දුව හසුරුවමින්’ දැවී ගිය පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට

බංග්ලාදේශයේ මුෂ්ෆිකූර් රහීම් අද (06) නවසීලන්තය සමග ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් වාර්තා පොතට සිය නම එක්කරමින් දැවී ගොස් තිබෙනවා.
ඩකාහි පැවැත්වෙන එම තරඟයේ පළමු ඉනිමේදී ඔහු දැවී ගියේ “පන්දු රැකීමට අවහිර කිරීම” හේතුවෙන්.
එවැනි ආකාරයකට ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී දැවී ගොස් ඇති දෙවැනි පිතිකරුවා මුෂ්ෆිකූර් රහීම් වනවා.
තරඟයේ 41 වැනි පන්දු වාරයේදී ඔහු කයිල් ජැමීසන් එවූ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ලකරන අතර එහිදී පන්දුව කඩුල්ල දෙසට යන බවක් පෙනුණු වහා ක්‍රියාත්මකවූ මුෂ්ෆිකූර්, එහිදී සිය අත් ආවරණයෙන් පන්දුව ඉවතට තල්ලු කර තිබෙනවා.
එවිටම නවසීලන්ත පන්දු රකින්නන් මුෂ්ෆිකූර්ට එරෙහිව ඉල්ලීමක් කළ අතර පිටියේ සිටි විනිසුරුවන් එම ඉල්ලීම තෙවැනි විනිසුරුට යොමුකර විනිසුරු අහෂන් රාසා එය දැවීයාමක් ලෙස නම් කළා.
එංගලන්තයේ ලෙන් හටන්ද එම වරදට 1951දී දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී දැවී ගිය බවද සඳහන්වනවා.