වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විශේෂඥ පුහුණුව සඳහා විදේශ රටවලට

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවලදී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව වාර්තා වෙනවා.
මේ වනවිට, වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින බව, සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවලදී විදෙස්ගත වන බව වාර්තා වෙනවා.
කෙසේවෙතත්, දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ පවතින තත්ත්වය හමුවේ යළි දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බව සදහන් වනවා.
වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟද පසුගියදා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.
කෙසේ වෙතත්, පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.