දේව අපහාස චෝදනාවක් නිසා පකිස්ථානයේ ක්‍රිස්තියානි පල්ලි ගිනි තබයි

නැගෙනහිර පකිස්ථානයේ ජරන්වාලා නගරයේ අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රිස්තියානි ආගමට අයත් පුද්ගලයන් දෙදෙනෙකු ශුද්ධවූ අල් කුරානයේ පිටු ඉරා දැමූ බවට කරන චෝදනාවක් මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වී තිබෙන බවයි.
එහිදී ක්‍රිස්තියානි ජනතාවට අයත් නිවාස ගිනි තබා ඇති අතර ඔවුන්ගේ දේපළ පාරට ඇද දැමීමට සහ බයිබල පුළුස්සා දැමීමට කෝපයට පත් අන්තවාදී කල්ලි කටයුතු කර තිබෙනවා.
මුස්ලිම් පුද්ගලයන් දහසක පමණ පිරිසක් මෙලෙස ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා සම්බන්ධ වී ඇති අතර ඉන් සියයකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මීට වසර දෙකකට පෙර පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ සිදුවීමක්ද වාර්තා වුනේ මෙවැනිම වූ දේව අපහාස චෝදනාවක් අනුවයි.