ව්‍යාපාරික
බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඇමති අලි සබ්රි කියයි

BBC පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවය.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එය 13% හෝ 14% දක්වා ඉහළ යායුතු බව මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා
ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.