අධික උණුසුමෙන් මානසික සෞඛ්‍යට බලපෑම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (09) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වයඹ, දකුණු හා උතුරු මැද සහ පළාත්වලත් මොනරාගල, රත්නපුර, මන්නාරම, වවුනියා මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
මේ අතර පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර මහතා පවසන්නේ මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි.
දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කර බවත් ඒ මහතා පවසනවා.
එය විශාදය වැනි රෝග උත්සන්න වීමට බලපාන බවද චින්තක චන්ද්‍රකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.