දේශීය
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනී.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරන බවයි.
ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.
විපක්ෂයේ අසුන් ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් ද සිදුකළ අතර එහිදී ඔහු කියා සිටියේ අද(31) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස තම කණ්ඩායම විපක්ෂයේ සිට කටයුතු කරන බවය.