විදෙස්

ඉරාක​යේ විවාහ වයස් සීමාව අඩු කරලා

කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙනවා.

මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබෙනවා.

පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දී ඇති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button