ක්‍රීඩා
නවසීලන්ත නවක ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් වාර්තා රැසක්

ලෝක කුසලාන ඉතිහාසයේ සිය මංගල ලෝක කුසලාන තරඟාවලියේදීම ශතක තුනක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීමට නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර අද (04) සමත් වුණා.
ඔහු තම මංගල ලෝක කුසලානයේදීම ලකුණු 500කට වඩා රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද පත්වීම විශේෂත්වයක්.
වයස අවුරුදු 23ක් වන මොහු සිය මංගල එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවට එරෙහි තරඟයකදියි.