දේශීය

ගුරුවරු ඇතුලු වෘත්තිකයින් රැසක් ලෙඩ නිවා​ඩු

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහ​තා පවසනවා.

ඔවුන් සේවයට වාර්තා නොකළ දින, නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව පවතින බවයි ඔහු කියා සිටියේ.

ඒ මහතා මේ බව පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් ගතවනවා.

මේ අතර රාජ්‍ය සේවයේ ක්‍ෂේත්‍ර රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බව ලං​කා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ස මහතා සඳහ​න් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button