දේශීය
දේශීය පොල් තෙල්වල ප්‍රමිතියේ ගැටලු රැසක්

එළැඹෙන උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කුඩා පරිමාණ මෝල්හිමියන් විසින් නිෂ්පාදන කර වෙළෙඳපොළට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු ඇති බවයි.
එම නිසා එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන අතරතුර මේ පිළිබඳ පාරිභෝගික ජනතාවද දැනුවත් කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවෙදී මේ බව සඳහන් කළේ, කරුණාතිලක මන්ත්‍රීවරයා යොමුකල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් කිසිම අවස්ථාවක පරීක්ෂණයකට ලක්නොවන බව පසුගියදා වාර්තා වුණා.