දේශීය

මේ වසරේ මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළට

වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ, සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සිදුකරන සමීක්ෂණය මගිනි.

ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

2021 වසරේ දී 8.2%ක් ලෙස පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ දී 10.1%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දරුවන් 18,420දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය 1.4%ක ප්‍රතිශතයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button