දේශීය

දරුවන් අතර මන්දපෝෂණය ඉහළ​ට

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දරුවන් අතර මන්ද පෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය G.G චමල් සංජීව මහ​තා පවසනවා.

ඔහු කියා සිටියේ, ඒ අතර බර අඩු වීම හෙවත් කෘශභාවය දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා වලට අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button