විදෙස්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක් ලෙසයි.

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව වාර්තා වෙනවා.

අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කළේ මුහුදු පතුලේ ඇති වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි.  

මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button