සැමියා ඝාතනයට සැකපිට නීතීඥ බිරිය අත්අඩංගුවට

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව නීතිඥවරියක් වන අතර ඇය 38 හැවිරිදි වියේ පසුවේ.එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයාද සිටී.
මියගිය පුද්ගලයාගේ නැගණිය විසින් ඔවුන්ට විරුද්ධව මෙම ඝාතන චෝදනාව එල්ලකර තිබෙනවා.
කෙසේ වෙතත් සැකකාර නීතිඥවරිය ප්‍රකාශ කර ඇත්තේ සිය සැමියා විසින්ම ඔහුගේ සිරුරට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරගත් බවයි.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇති පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ රැකියාවක නිරත වූ බවත් කලක් විදෙස්ගතව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.