දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේදීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කළා.

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තාවනේ.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button