දේශීය
වැට් බදු අය කරන නවතම ලැයිස්තුව

සුවසැරිය, ළදරු පෝෂණ ආහාර, පොහොර හා වෛද්‍ය උපකරණ වැනිදෑ සඳහාද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් එම අත්‍යවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තම කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක්වූ අදහස්,
“අලුතෙන් වැට් එක දාලා තියෙනවා ක්ෂේත්‍ර බර ගාණකට. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි පෙන්වා දුන්නේ බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබෙන්න ඕනේ කියලා. දැන් ඩීසල්වලටත් වැට් එක ගහනවා.”