දේශීය

ලංකා IOC ඉන්ධන මිල යළිත් ඉහළට

ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන මිල ගණන ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, සියලුම පෙට්‍රල් වර්ගයන් හී ලීටරයක් රුපියල් 35කින් සහ සියලුම ඩීසල් වර්ගයන් හී ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඉහළ දැමුණු මිල ගණන්වලට අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 367ක් වේ.

තවද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button