දේශීය

ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (21) දින පනාගොඩ දී සඳහන් කළා.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්චාවකදී අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළා.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button