විදෙස්

කේරළ ප්‍රාන්ත​යේ නායයෑමක් – 19 ක් මරුට

ඉන්දියාවේ, ඇතිවූ නායයෑම​ක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කේරළ ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්ක​යේ අද (30) එම නාය යෑම සිදුවී තිබෙනවා.

එහිදී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලයි​න් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා.

එහි හිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව​යි වාර්තාවන්නේ.

මෙලෙස අපාදාවට ලක්වූවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත NDRF ඇතුළු බහුවිධ නියෝජිතායතන එක්ව තිබෙන බවද වැඩිදුරටත් වාර්තාවනවා.

අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇති බවද සැක පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button