දේශීය
කැලණිතිස්ස බලාගාරය සති හයකට වැසේ

කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා අද (17) සිට වසා දමා ඇති බව වාර්තාවනවා.
ඒ අනුව බලාගාරය සති 06ක නඩත්තු කටයුත්තක් සඳහා වසා තබනු ඇති බවයි වාර්තාවන්නේ.
කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මකවන බව සඳහන්.
එමෙන්ම මෙගා වොට් 160ක ධාරිතාවයකින් යුත් කැළණි තිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.