දේශීය

මහනුවර – මහියංගන මාර්ගය වසා දැමේ.

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි තත්ත්වය සමග 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා ඇති වුණා.

නායගොස් ඇති කොටසට ඉහළින් ඇති තවත් ස්ථානයක විශාල ගලක් නායයෑමේ අවධානමක් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කරතිබෙනවා .

ඒ අනුව මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වන වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය දැනුම්දෙනවා.

මේ අතර මහියංගනය දෙස සිට මහනුවර දක්වා ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button