විදෙස්

​ජෝ බයිඩන්ට කොවිඩ්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇති බ​ව ධවල මන්දිරය පවසනවා.

81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ‘කොවිඩ් 19’ ආසාදනය වුණා.

කෙසේවෙත​ත් නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වීමට නියමිතයි.

‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බයිඩන්, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණ බවද වාර්තා වුණා.

මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ධවල මන්දිරය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button