දේශීය

‍ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56වන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්
අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවත් ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් බැංකු පද්ධතියට ගැටලුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙම මස අවසන්විමට ප්‍රථම පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වන බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button