පිළිකා ඖෂධ ගේන්න මාස 6ක් කල් යයි

පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබීමට නියමිත ඖෂධ තවත් මාස හයක කාලයක් ප්‍රමාද වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.
ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතුවලට කාලය ගතවීම ඊට හේතුවයි. කෙසේ වෙතත් රෝහල්වල පිළිකා ඖෂධවල හිඟයක් පවතින බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු කියා සිටියා.
ලෝක පිළිකා දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව පැවසුවා. කෙසේ වුවද පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා මෙන්ම පෙණහලු ආශ්‍රිත පිළිකා පහසුවෙන්ම සුව කර ගැනීමේ හැකියාව පවතින බව අධ්‍යක්ෂවරිය සඳහන් කළා.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වල පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරනවා.