දේශීය

ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි

නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමට මුදල් නොමැති බවයි.

තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතව තිබෙනවා.

එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙනවා. 

නමුත් එම මුදල් මේ අවස්ථාවේ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button