සජිත් වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම

ගෑස් සමාගමේ සභාපතිවරයා සහ නිලධාරීන් නිසි අයුරින් වගකීම් භාරගෙන වැඩ කටයුතු ඉටු නොකළ නිසා රට තුළ ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ, නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග අමාත්‍යංශ පරිශ්‍රයේදී පෙරේදා (02) දින පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
අමාත්‍යංශ සංශෝධනය සම්බන්ධව අදහස් දක්වමින් එහිදී ඔහු පවසා සිටියේ කුමන දිනයේදී හෝ එය සිදු කිරීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයා සතුව ඇති බවයි.
එමෙන්ම අමාත්‍යවරුන් හා ලේකම්වරුන් ඉවත් කිරීමේ රැඩිකල් තීන්දු තීරණ ද ජනාධිපතිවරයා ගනු ලබන බවත් එසේ තීන්දු තීරණ නොගතහොත් එක තැන පල්වන්නට සිදුවන බව ත් ඔහු පවසනවා
“සජිත් සියඹලාන්ඩුවට එකක් කියනවා, හම්බන්තොටට එකක් කියනවා. පස්සෙ නෝනා එක්ක වයින් බිබී පාටි දානවා. පොළට ගිහින් කියනවා කන්න නෑ කියලා. හවසට බාල් නටනවා. ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම. ” යැයි ඔහු පවසනවා.