දේශීය

මහ බැංකුවේ මුදල් බණ්ඩලය සොරකම් කිරීම ගැන පරීක්ෂණ දිගටම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළා.

රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තවත් පරීක්ෂණයක් සිදු කරන බවයි.

සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

ද්විත්ව යතුරු පාලනයක් ඇතිව ක්‍රියාත්මක වීම, ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් පැවතීම, මුදල් මෙහෙයුම්වලට අදාළ කාර්යන් පැහැදිලි ලෙස නිලධාරීන්ට වෙන් වෙන්ව පවරා තිබීම, ගිණුම් නිරන්තරයෙන් සැසඳීම, සේවා නිසි මුදල් නෝට්ටු බණ්ඩල පහසුවෙන් හඳුනා ගැනීම සඳහා තීරු කේත ක්‍රමයක් හඳුන්වා දීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් විසින් පැය 24 පුරා රාජකාරියෙහි නිරත වීම, මුදල් මෙහෙයුම් සිදු කරන විට පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටීම, ආයතන මෙහෙයුම්වල නිරතව සිටින නිලධාරීන්ගේ කාලානුරූපී සේවා අතමාරුව, මුදල් මෙහෙයුම් අංශ සඳහා පවතින සීමිත ප්‍රවේශය සහ ප්‍රවේශ පාලන දොරටු මුදල් මෙහෙයුම් රාජකාරිවල නිරතව සිටින ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් හට මෙන්ම බාහිර පාර්ශ්වයන් සතු ආරක්ෂණ නිෂ්කාශන අවශ්‍යතා නියම කර තිබීම යනාදි ක්‍රියාමාර්ග මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button