දේශීය

ප්‍රදේශ කිහිපය​ක අඛණ්ඩ ජල සැපයුමට බාධා

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ 15කට අඛණ්ඩව ජල සැපයුම සිදු කිරීම අසීරු තත්ත්වයක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි මහත්මි​ය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතරින් ගම්පොළවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඌරුබොක්ක යන ප්‍රදේශ හයෙහි ජල මූලාශ්‍රවල ජල මට්ටම සීග්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ජල සැපයුම සිදු කරන්නේ මුර ක්‍රමයක් ඔස්සේ බවයි වාර්තාවන්නේ.

ඉතිරි ප්‍රදේශ නවයෙහි ජලය සැපැයීම අසීරු තත්ත්වයක පැවතුණද තාවකාලික පොම්ප මාර්ග වැනි විකල්ප ක්‍රම හරහා අඛණ්ඩව ජලය සාමාන්‍ය පරිදි ජනතාවට ලබා දීමට මේ වනවිටත් කටයුතු කරන බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය ප්‍රකාශ කළා.

ඒ මහත්මිය සඳහන් කළේ, දැඩි අව් රශ්මිය සහ වියළි කාලගුණය හේතුවෙ​න් ජනතාව ජල පරිභෝජනය කිරීම පෙරට වඩා 15%ක් පමණ ඉහළ ගොස් තිබීමත්, ජල මූලාශ්‍රවල ජලය ඉක්මනින් සිඳී යාමත් මෙවන් ගැටලුකාරී තත්ත්වවලට හේතුවන බවයි.

එමෙන්​ම ඉදිරියේදී ජල පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස අනෝජා කළුආරච්චි මහත්මි​ය සමස්ත පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button