විදෙස්

ඉන්දියාව ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම් වලින් ඉදිරියට

ගෝලීය උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනය අද සිය ‘2024 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්’ නිකුත් කර තිබෙනවා.

එය රටවල් 25 කින් ආයතන 856 කින් සමන්විත, මේ දක්වා ආසියාවේ විශාලතම සිදුකරන ලද විශාලතම ශ්‍රේණිගතකිරීම ලෙස සැලකෙන බව සඳහන්.

ගෝලීය පිළිගැනීම, පර්යේෂණ කුසලතා, ඉගැන්වීමේ සම්පත් සහ අන්තර්ජාතිකකරණය මත පදනම්වූ ආයතන ඇගයීම, මෙවර ශ්‍රේණිගත කිරීම සමබන්ධයෙන්වූ සැලකිල්ලට ගත් නිර්නායකයන්වනවා.

මෙහිදී බොම්බායේ ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) , මෙම ශ්‍රේණිගත කිරීම්වලදී ආසියාවේ ඉහළම ස්ථානය රඳවා ගෙන ඇති අතර, ශ්‍රේණිගත කළ විශ්ව විද්‍යාල සංඛ්‍යාවෙන් ඉන්දියාව චීනය අභිබවා ගොස් ඇති බවයි වර්තාවන්නේ.

බදාදා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ඉන්දියාව දැන් ”වඩාත්ම නියෝජනයක් සහිත උසස් අධ්‍යාපන පද්ධතිය” ලෙස හඳුන්වාදී තිබෙනවා.

එහිදී විශේෂාංග සහිත විශ්ව විද්‍යාල 148ක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති අතර, එය පසුගිය වසරට වඩා ආයතන 37ක් ඉදිරියට යන බව සඳහන්.

ඉන් පසුව චීනය 133ක්, ජපානය 96ක් වශයෙන් ස්ථානගතවී ඇති අතර, මියන්මාරය, කාම්බෝජය සහ නේපාලය පළමු වරට ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වී තිබෙනවා.

පසුගිය වසරේ මෙන්ම, IISc Bengaluru, Delhi University සහ Indian Institute of Technology — Bombay, Delhi, Madras, Kharagpur, Kanpur යන අධ්‍යාපන ආයතන ආසියාවේ ඉහළම ආයතන 100 තුළ ස්ථාන ලබාගෙන ඇති බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button