දේශීය

ණය ගෙවන්න කාලයක් නොගත්තා නම් අපි හිර වෙනවා

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ දී ජනපති සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලයේ යෙදෙන්නේ. ‍ එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා. 

ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.

මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button