දේශීය

සිස්ටම් චේන්ජ් එකට මම තනියම නායකත්වය දෙනවා – උද්දික ප්‍රේමරත්න

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවේ තමන් 2020 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණියේ ක්‍රම වෙනසක් (system change) සඳහා වුවත් එම වෙනස අද වනතුරුම පාර්ලිමේන්තුව තුළ හෝ සමාජය තුළ සිදුවී නොමැති බවයි.

එහෙත් සමාජය වෙනස් කිරීමේ අරමුණ තවමත් තමන් සතුව පවතින නිසා ඒ සඳහා ගමන තනිවම ආරම්භ කරන බවත් එම සිස්ටම් චේන්ජ් එකට තමන් නායකත්වය දෙන බවත් උද්දික ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.  

පටු දේශපාලන අරමුණුවලින් තොර සැබෑ යහපත් පුරවැසියන්ට තමන් සමඟ එක්වන්නැයි ඔහු ආරාධනාවක්ද කර තිබුණා.

උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවේ එහි මූලික පියවර වශයෙන් තමන් මෙසේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි.

ජනප්‍රිය නළුවකු වන උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button